මඩකලපුව කල්ලඩි ආරයම්පති වැනි ප්රදේශවල මහා පරිමාණ මංකොල්ලකෑම්වලට සම්බන්ධයි. සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. සොරකම් කරන ලද යතුරුපැදි, ගෘහස්ථ ගෑස් සිලින්ඩර් බෝතල් සහ රන් ආභරණ ද සොයා ගත් බව කාත්තාන්කුකුඩි පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වවුනදිව් ප්රදේශයේ පදිංචි කරුවන් බවට කාත්තාන්කුඩි පොලිසිය කියයි.
මෙම කොල්ලකෑමට සමබන්ධ තවත් සැකකරුවෙක් සොයමින් සිටින බව පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ සොරාගත් භාණ්ඩ මඩකලපුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති බව කාත්තාන්කුඩි පොලිසිය වැඩිදුරටත් පැවසීය.
මඩකලපුව වාර්තාකරු ටි එල් ජව්ෆර්කාන්
