කොල්කටා සිටි ලාංකික සිසුන් 125ක් දිවයිනට
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ කොල්කටා නුවර අතරමං වී සිටි ශ්‍රී ලාංකික සිසුන් 125 ක් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් මගින් අද (30) දින සවස කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ තිබේ .
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1188 දරන එම ගුවන් යානය ඉන්දියාවේ කොල්කටා ගුවන් තොටුපළෙන් අද දින පස්වරු 2.40 ට පිටත්වී තිබූ අතර , එම ගුවන් යානය සවස 5.20 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩබස්වනු ලැබීය .
මෙම සිසුන් පිරිස ගුවන් යානය තුළත් දුරස්ථභාවය රැකෙන අයුරින් අසුන් ගන්වා තිබූ අතර , ඔවුන් ගුවන් යානයෙන් පිටතටත් එකිනෙකා පිටුපසින් , පේලියට , සීරුවට ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරීන් විසින් බස්සවා ගැනීම ද සිදු කෙරුණි .
ඉන්පසුව මෙම සිසුන් සහ ඔවුන් රැගෙන ආ ගමන් මලු ද විෂබීජහරණය කිරීමට ලක් කළ අතර , ඊටපසුව ඔවුන්ගේ ශරීර උෂ්ණත්වය මැන බලමින් , ඔවුන් තුළ කොරෝනා රෝග ලක්ෂණ තිබේදැයි පරීක්ෂා කර බැලීම ද සිදු කෙරුණි .
පසුව මෙම සිසුන් ශ්‍රී ලංකා යුද හමුදාව මගින් , ඔවුන්ගේ බස් රථ වලින් , ඔවුන් විසින් පවත්වා ගෙන යනු ලබන නීරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන යෑම සිදු කෙරුණි .

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

