කොරෝනාවට බියවී ඉන්දියාවේ සිටි පියෙකු හා දියණියක් බොට්ටුවකින් මන්නාරමට
ඉන්දියාවේ ව්‍යාප්ත වන කොවිඩ් වෛරසයට බිය වී ඉන්දියාවේ සිට පියෙකු හා දැරියක් මුහුදු මාර්ගයෙන් බොට්ටුවකින් තලෛයිමන්නාරමට පැමිණ මඩු පොලීසියට ඊයේ (02දා) භාර වී ඇත.
පියා මීට පෙර මන්නාරමේ පදිංචි අයෙකු වුවද යුද ගැටුම් හේතුවෙන් 1990 වසරේදී ඉන්දියාවට ගොස් තමිල්නාඩුවේ සරණාගත කඳවුරක නැවතී ඔහු බිරිඳ හා දියණියන් දෙදෙනෙකු සමග දිවි ගෙවා ඇත.
අනතුරුව පවතින කොරෝනා වයිරසයේ දැඩි අවධානම හේතුවෙන් ඊට බිය වී සරණාගත කඳවුර අතහැර බොට්ටුවක් මාර්ගයෙන් තම වැඩිමල් දියණිය සමග තලෙයිමන්නාරම් මුහුදු තීරයට පැමිණ ඇත්තේ පසුව බිරිඳ හා බාල දියණිය රැගෙන එන අපේක්ෂාවෙනි.
කෙසේ වෙතත් පැමිණි පියා හා දියණිය පළමුව නිරෝධායන කඳවුරක් වෙතට යොමු කිරීමට පියවර ගෙන ඇති අතර එම කටයුතු අවසන් වූ පසු නීතිවිරොධීව සංක්‍රමණය පිළිබඳව පරික්ෂණ සිදු කිරීමට මඩු පොලීසිය විසින් පියවර ගෙන ඇත.
popular news
-
Nandana Wednesday, 03 June 2020 12:49 PM
වහාම මෙරටින් පිටුවහල් කරන්න . මෙය යම්කිසි විනාශයක ආරම්භය විය හැක .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

