කොරෝනා රෝගීන් වෙනුවෙන් දුරස්ථ පාලක මෙට්ටයක් නිර්මාණය කළ හෙද සිසුවිය
කෙරෝනා රෝගීන්ට ප්‍රථිකාර කිරිමෙිදි දිනකට කිප වරක් රෝගියා පැත්ත පෙරලීමෙි අවදානම් කටයුත්ත කිරිමට දුරස්ථ පාලන රෝගී පැතිපෙරළනයක් නිර්මාණය කිරීමට කළුතර නාගොඩ ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ පළමු වසරේ හෙද පුහුණු ශිෂ්‍යාවක් කටයුතු කර තිබෙි.
කොරෝනා වසංගතයෙන් ආරක්ෂාවීම සඳහා නිතර අත් සේදිමට පසුගිය දා ස්වයංක්‍රීය ආරක්ෂිත ජල කරාමයක් නිර්මාණය කළ මතුගම ගීතා නන්ද උදයසිරි මහතාගේ දියණිය වන සදලි නිප්මා මෙනෙවිය තම පියා සහ බාප්පා වන චන්දන ප්‍රසන්නජිත් මහත්වරුන්ගේ සහාය ඇතිව මෙම නිර්මාණය කර ඇත.
දුරස්ථ පාලකයක් මගින් රෝගියා පැත්ත හැරවීම, ඉණෙන් උඩ කොටස කෙළින් කිරීම හෝ ඉනෙන් පහළ කොටස ඉහළට එසවීම ආදිය මෙම ස්වයංක්‍රීය මෙට්ටය මගින් සිදු කළ හැකිය.
දුරස්ථ පාලකයක් මගින් ක්‍රියාත්මක කරන මෙට්ටයක් මෙතෙක් නිපදවා නැති අතර මෙම නිර්මාණය සඳහා අවශ්‍ය පහසුකම් සපයන්නේ නම් ජාත්‍යන්තර මට්ටමාන් නිපදවිය හැකි බව එහි නිර්මාණකරුවන් කිය.
අලුත්ගම තුසිත කුමාර සිල්වා


popular news
-
කපිල Monday, 06 April 2020 12:27 AM
ලංකාවේ තරම් නව නිර්මාණ කරුවන් වෙන කොහෙවත් නෑ.එහෙත් මේවට එරෙහි වන්නේ නිලධාරී වාදයයි. මේ පිළිබඳව අතිගරු ජනාධිපති තුමාගේ අවධානය යොමු වේවා.
Reply : 0 0
Champa Monday, 06 April 2020 08:42 AM
හරිම ආඩම්බරයි. සීමිත සම්පත් ඇති අපි වගේ රටක දරුවෙක් මෙවන් නිර්මාණයක් කිරීම විශ්මයජනකයි. මේක ජාත්‍යන්තර මට්ටමේ නිමවුමක්. මේ වෙනුවෙන් රජය අතහිත දීල මේ දරුවාගේ මොලෙන් වැඩක් ගන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

