කොරියාවේ රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයන් 150කගෙන් පමණ රුපියල් කෝටි 15කට අධික මුදලක් වංචා කළ සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. සැකකරු කොළඹ 15 ප්‍ර දේශයේ පදිංචි 41 හැවැරිදි පුද්ගලයෙකි.
සැකකරු තාරේකුලම් ප්‍ර දේශයේදී කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ කණ්ඩායමක් විසින් ඊයේ උදෑසන අත්අඩංගුවට ගන තිබේ.සැකකරුත් සමග ජීප් රථයක්, ඉඩමකට අදාළ ඇටෝනි බලපත්‍රයක් හා ජගම දුරකතන දෙකක් පොලිස් භාරයට ගෙන තිබේ.