මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභා සඳහා නව සාමාජිකයන් මෙම සතිය තුළ පත් කිරීමට කටයුතු කරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පුවත්පතට පැවසීය.
යම් සාමාජිකයකු කොමිෂන් සභා කිහිපයකට අයදුම් කර, ඒ සඳහා පත් කිරීමට සුදුසුකම් ලබා ඇත්නම් එම අයදුම්කරුගේ අභිමතය පරිදි සුදුසුකම් මත එක් කොමිෂන් සභාවක් සඳහා පත් කිරීම සිදු කරන බවද හෙතෙම සඳහන් කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 (ආ) වගන්තියේ උපලේඛනයේ දක්වා ඇති මැතිවරණ කොමිෂන් සභාව, රාජ්‍ය සේවා කොමිෂන් සභාව, ජාතික පොලිස් කොමිෂන් සභාව, විගණන සේවා කොමිෂන් සභාව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, අල්ලස් හෝ දූෂණ විමර්ශනය කිරීමේ කොමිෂන් සභාව, මුදල් කොමිෂන් සභාව, සීමා නීර්ණය කොමිෂන් සභාව සහ ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව සඳහා නව සාමාජිකයන් පත් කිරීමට පසුගියදා අයදුම්පත් කැඳවනු ලැබිණි.
ඒ අනුව අයදුම්පත් 1000කට වැඩි ප්‍රමාණයක් ලැබී තිබූ අතර, ඇතැම් අයදුම්කරුවන් කොමිෂන් සභා කිහිපයකට අයදුම් කර තිබුණි.