කොන්සියුලර් කටයුතු ඒකකයෙන් ජනතාවට නිවේදනයක්
පරිගණක පද්ධතියේ බිඳවැටීමක් හේතුවෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොළඹ 01 පිහිිටි කොන්සියුලර් කටයුතු අංශයේ සත්‍යාපන සහ සහතික කිරීමේ සේවා සහ යාපනය, ත්‍රිකුණාමලය, මාතර, මහනුවර, කුරුණෑගල යන ප්‍රාදේශීය කාර්යාලවල සේවා නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
පද්ධති අලුත්වැඩියා කටයුතු සිදු වෙමින් පවතින අතර සත්‍යාපනය සහ සහතික කිරීමේ ක්‍රියාවලිය නැවත ආරම්භ වූ පසු මහජනතාවට ඒ බව දැනුම් දෙන බවද අමාත්‍යාංශය සඳහන් කරයි.
අනෙකුත් කොන්සියුලර් සේවාවන් කිසිදු බාධාවකින් තොරව දිගටම කරගෙන යන බවද අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා දුරකතන අංක කිහිපයක්ද අමාත්‍යාංශය විසින් හඳුන්වා දී තිබේ.
කොන්සියුලර් කටයුතු අංශය, කොළඹ 01- 0112338812/0112338843
ප්‍රාදේශීය කාර්යාලය, යාපනය 0212215 970
ප්‍රාදේශීය කාර්යාලය, ත්‍රිකුණාමලය 0262223182
ප්‍රාදේශීය කාර්යාලය, මහනුවර 0812384410
ප්‍රාදේශීය කාර්යාලය, කුරුණෑගල 0372225941
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

