කොන්දේසි කිහිපයකට යටත්ව මුස්ලිම් කොංග්‍රසයේ සහාය සජිත්ට දීමට තීරණයක්
ඉදිරි ජනාධිපතිවරණයේදී කොන්දේසි කිහිපයකට යටත්ව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සහය විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට තීරණය කළ බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පැවසීය.
පක්ෂයේ උත්තරීතර මණ්ඩලය ගත් තීරණයකට අනුව මෙලෙස විපක්ෂනායකවරයාට ජනාධිපතිවරණයේදී සහය පළ කරන බව (04දා) මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හෙතෙම සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.
"අද දින අප පක්ෂයේ උත්තරීතර මණ්ඩලය රුස්වෙලා දීර්ඝ සාකච්ඡාවක් කළා. මින් ඉදිරියට ජනාධිපති ලෙස පත්වන අපෙක්ෂකතුමාගෙන් අපි බලාපොරොත්තු වෙන නොයෙකුත් කොන්දේසි පිළිබඳවත් සාතච්ඡා කළා. ඒ කොන්දේසි වලට යටත්ව, ඒ කොන්දේසි වලට එකඟ වෙනවා නම් අපේ උත්තරීතර මණ්ඩලයේ ඒකමතික තීරණය වුණේ සජිත් ප්‍රේමදාස මහතාට සහය දිය යුතුයි කියලා. මම එතුමා සමග ඉදිරි පැය 42ක් වගේ කාලය තුළ සාකච්ඡාවේ යෙදෙනවා."
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

