කොත්මලේ ගාමිණී දිසානායක පාසලේ සිටින අවතැන්වූවන් විරෝධයක
දිත්වා සුලි කුණාටුවෙන් නායයෑමට ලක් වූ සහ නායයෑමේ අවධානමක් සහිත කොත්මලේ ගැරඩිඇල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි දැනට කොත්මලේ ගාමිණි දිසානායක පාසලේ සිටින පීඩාවට පත් ජනතාව (17) දින එම පාසල ඉදිරිපිට උද්ගෝෂනයක නිරත විය.
තමන් කොත්මලේ ගැරඩි ඇල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි අය බවත්, නායයැමේ සහ නායයෑමේ අවධානමක් සහිත ස්ථාන වල සිටි පවුල් 88කට අයත් සාමාජිකයන් 300 දෙනෙකු පමණ කොත්මලේ ජාතික විද්‍යාලයේ ආරක්ෂිත කදවුරට ගෙන විත් තාවකාලිකව පදිංචි කල බවයි උද්ගෝෂණයේ නිරතව සිටි පිරිස කියා සිටියේ.
තමන්ට කදවුරේ පානය ජල පහසුකම් සහ සෞඛ්‍ය පහසුකම් කිසිවක් නොවන බවත්, දැනට ලබා දෙන පිසු ආහාරවල ව්‍යංජන වශයෙන් සොයා මීට් සහ පරිප්පු පමණක් ලබා දෙන බවයි එම පිරිස කියා සිටියේ.
තමන් සිටින කදවුරට ග්‍රාම සේවා නිළධාරිවරයා දින ගණනාවක් නොපැමිණි බවත්, ග්‍රාමසේවා නිළධාරිවරයා හැර රජයේ වග කියයුතු කිසිදු නිළධාරියෙක් තමන් හමුවී සාකච්ඡා කිරිමට හෝ කදවුරේ පවතින අඩුපාඩුකම් සොයා බැලීමට කිසිවෙකු නොපැමිණි බවයි උද්ගෝෂණයේ නිරතව සිටි පිරිස කියා සිටියේ.
අප මේ සම්බන්ධයෙන් කොත්මලේ ප්‍රාදේශීය ලේකම් නදීර ලක්මාල් මහතාගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ එම ආරක්ෂිත කදවුරේ අවතැන් වි සිටි පිරිස් පදිංචිව සිටි ඇතැම් නිවාස නායයැමේ අවධානමක් නොමැති බවට ජාතික ගොඩනැගිලි පර්ය්ෂනායතනය විසින් නිර්දේශ කල බවත්, ඒ අනුව එම නිවාස වලට පදිංචියට යන ලෙසට ආරක්ෂිත කදවුරේ සිටින පිරිසට දැනුම් දුන්නද ඔවුන් එම ස්ථානවල පදිංචියට යෑම ප්‍රතික්ෂේප කරන බවයි ප්‍රා දේශීය ලේකම්වරයා කියා සිටින්නේ.
ග්‍රාම සේවා නිළධාරිවරයා දින කිහිපයක් ජාතික ගොඩනැගිලි පර්යේෂනායතනය සමග ප්‍රදේශයේ නාය ගිය ස්ථාන පරික්ෂා කිරිමේ කටයුතුවල නියෑලි සිටි නිසා එම ආරක්ෂිත කදවුර වෙත යැමට නොහැකි වූ බවත්, කොත්මලේ ප්‍රදේශයේ ආපදාවෙන් 30 දෙනෙකු මිය ගොස් ඇති බවත්, කොත්මලේ ප්‍රදේශයේ තවත් ආරක්ෂිත කදවුරු 27ක පවුල් 586කට අයත් සාමාජිකයන් 2596 දෙනෙතකු සිටින බවත්, ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසා ඇති බවයි.




popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

