යුද සමයේදී කොටි ත්රස්ත සංවිධානය විසින් සඟවන ලද බෝම්බ තොගයක් මුලතිව් ඉරට්ටෙයි වයික්කාල් ප්රදේශයේ තිබීඊයේ ඊයේ (30දා) සොයාගත් බවට පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරට ලැබුනු තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් ඉරට්ටෙයි වයික්කාල් ප්රදේශයේ පිහිටි රක්ෂිත කැලෑවක සිදුකරන ලද සෝදිසියකදී අදාල බෝම්බ තොගය සඟවා තිබියදී සොයාගනු ලැබීය.
එහිදී ආර්.පී.ජී. උණ්ඩ 7 ක්, මිලිමීටර් 60 මෝටාර් උණ්ඩ 6 ක් සහ තමිලන් ගුණ්ඩු නැමති කොටි සංවිධානය විසින් නිශ්පාදනය කරන ලද අත් බෝම්බයක් තිබී සොයාගනු ලැබීය.
සොයාගත් බෝම්බ තොගය මුලතිව් මහෙස්ත්රාත් අධිකරණයට දැනුම් දී අධිකරණ නියෝගයක් මගින් නිශ්ක්රීය කිරීමට පියවර ගෙන ඇතැයිද මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුර වැඩිදුරටත් පැවසීය.
