2026.08.10 වන දින දහවල් කාලයේ කොටහේන පොලිස් වසමේ සංඝරාජ මාවතේ වෙළඳසැලක් ඉදිරිපිට රැඳී සිටි පුද්ගලයෙකුට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබිණි.
ඒ අනුව කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත 2026.09.09 දින රාත්‍රී මෙම ඝාතනය සඳහා පැමිණි යතුරුපැදියේ පැදිකරු ලෙස කටයුතු කරමින් ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12 මිලිග්‍රෑම් 470ක් සමඟ අත්අඩංගුවට ගෙන කොටහේන පොලිස් ස්ථානයට ඉදිරිපත් කරමි.
සැකකරු වයස අවුරුදු 23 ක් වන මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. කොටහේන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.