අද (03) දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අවසානයේදී එහි සියලු කොටස් මිල දර්ශකය ඒකක 234.50ක එනම් සියයට 1.38 ක ඉහළ ගොස් ඒකක 17,214.39ක් ලෙස සටහන් විය. මෙය එම දර්ශකය එතෙක් මෙතෙක් වාර්තා කළ ඉහළම අගයද වෙයි.
මීට පෙර පසුගිය පෙබරවාරි 18 වැනිදා සියලු කොටස් මිල දර්ශකය ඒකක 17,193.80ක් ලෙස සටහන් විය. එසේම ජනවාරි 23 වැනිදා එය ඒකක 17,025.99ක් බවට පත්වෙමින්, කොළඹ කොටස් හුවමාරු ඉතිහාසයේ පළමුවරට ඒකක 17,000 ඉක්මවීමට සමත් විය.
මේ අතර ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්රීලංකා 20 දර්ශකයත් ඒකක 5,131.28ක් දක්වා, පෙර දිනයට සාපේක්ෂව ඒකක 96.36 කින් එනම් සියයට 1.91කින් ඉහළ යාම සිදුවිය. දිනය තුළ කොටස් මිලියන 271.9ක් ගනුදෙනු වූ අතර, සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 7.37ක් ලෙස සටහන් විය.