අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුවේ සමස්ත මිල දර්ශකය ඒකක 22000ක අගයක් වාර්තා කරමින් සුවිශේෂී කඩඉමක් පසු කළේය.
ඒ අනුව අද දිනයේදී සමස්ත මිල දර්ශකය ඒකක 143 කින් එනම් සියයට 0.6කින් ඉහළ ගියේය. දිනයේ වෙළඳපොළ පිරිවැටුම රුපියල් බිලියන 9.7ක දැවැන්ත අගයක්ද වාර්තා කළේය.
