රඹුක්කන පොලිස් වසමේ දැලිවල කොටවෙහෙර රජමහා විහාරස්ථානයේ ධාතු මන්දිරය කඩා ඇතුළුවී පුරා විද්‍යා වටිනාකමකින් යුතු දේපළ කිහිපයක් සොරාගෙන ඇ තිබේ.මේ අනුව අඟල් 2.5ක් උසැති දඹ රන් කරඬු 01යි, අගල් 1.5ක් පමණ උසැති පළිඟු කරඬු 03, අල් 1.5ක් පමණ උසැති රන් කරඩු 05, ධාතූන් වහන්සේලා තැන්පත් කරන මංජුසාවක් මෙසේ සොරකම් කර තිබේ.
මෙම සොරකම සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන නොමැති අතර මේ පිළිබඳව යම් තොරතුරක් දන්නේ නම් 0718591419යන රඹුක්කන පොලිස් ස්ථානාධිපතිගේ දුරකතන අංකයට දැනුම් දෙන ලෙස පොලීසිය කියයි.