ලංකා කම්කරු කොංග්රසයේ පාලන බලය හිමි කොටගල ප්රාදේශීය සභාවේ 2026 වසරට අදාල අයවැය ලේඛනය සභාවේ සියලු මන්ත්රීවරුන්ගේ ඒකමතික කැමැත්ත මත සභා සම්මත විය.
කොටගල ප්රාදේශීය සභාවේ සභාපති රාජමනී ප්රසාද් මහතා විසින් 2026 වසර සඳහා වන අයවැය යෝජනා ඇතුළත් ලේඛනය ඉදිරිපත් කරන ලද අතර, එහෙදී සභාව නියෝජනය කරනු ලබන මන්ත්රීවරු 16 දෙනාම ඊට පක්ෂය ඡන්දය ලබාදීම විශේෂ සිදුවීමක් විය.
ලංකා කම්කරු කොංග්රසයේ මන්ත්රිවරුන් පහක්, ජාතික ජනබලවේගයේ මන්ත්රීවරුන් පහක්, සමගි ජනබලවේගයේ මන්ත්රිවරුන් හතරක් සහ ස්වාධීන මන්ත්රීවරු දෙනෙකු වශයෙන් මන්ත්රීවරු 16කු කොටගල ප්රාදේශීය සභාව නියෝජනය කරනු ලබයි.
ශාන් හුලංනුගේ