නුවරඑළිය අධ්‍යාපන කලාප කාර්යාලය යටතේ පාලනය වන හැටන් කොටගල බෝගහවත්ත ප්‍රදේශයේ පාසලක 10 වසරේ අධ්‍යාපනය ලබන පාසල් සිසුවියකුට එම විදුහලේ විදුහල්පතිවරයා විසින් කොසු මිටකින් පහර දුන්නායැයි පැවසෙන් සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතා වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙස පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා වෙත (29) දැනුම් දී ඇත.
මේ වන විට අදාල විදුහල්පතිවරයා කලාප කාර්යාලය වෙත ස්ථාන මාරු කර ඇති අතර, පරීක්ෂණ වාර්තාව මත පදනම්ව අවශ්‍ය ඉදිරි පියවර ගන්නා බවත්, කිසිවිටක නිලධාරීන් ආරක්ෂා කිරීම සදහා කටයුතු නොකරන බවත් ඒ මහතා සදහන් කර සිටින අතර, මුදල් එකතු කිරීම්, පාසල් වලට සිසුන් ඇතුළත් කිරීමේදී අල්ලස් ලබා ගැනීම් පිළිබඳව තමන් වෙත සාක්ෂි සහිතව ලැබී ඇති සෑම අවස්ථාවකදීම නීතිය ක්‍රියාත්මක කොට ඇති බවත් මෙවන් රැසක් සිද්ධීන් ඇති නොවීම සදහා අවශ්‍ය පරිසරය සකස් කළ යුතු බවත් ඒ සදහා මාධ්‍යයේ මෙන්ම මහජනතාවගේත් සහාය අත්‍යවශ්‍ය බවත් එම මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් සදහන් කර සිටියේය.