නාවික හමුදාව සහ පොලීසිය එක්ව ඊයේ (9) දින මුලංකාවිල්, අම්බපුරම් ප්රදේශයේදී කේරළ ගංජා සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අනුව, උතුරු මැද නාවික විධානය සහ මුලංකාවිල් පොලීසිය එක්ව මුලංකාවිල්, අම්බපුරම් ප්රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී මාර්ගයේ ගමන්ගත් සැක කටයුතු පුද්ගලයින් දෙදෙනෙකු නිරීක්ෂණය කර ඇති අතර, එහිදී ඔවුන් පරික්ෂාවට ලක් කර ඇත.
මෙහිදී ඔවුන් ළඟ තිබී කේරළ ගංජා ග්රැම් 22.56 ක ප්රමාණයක් සොයා ගෙන ඇති අතර, එහිදී මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇත.
එම පුද්ගලයින් අවුරුදු 33 වන වියෙහි පසුවන මුලංකාවිල් ප්රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.
එම පුද්ගලයින් සහ කේරළ ගංජා සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු මුලංකාවිල්, පොලීසිය විසින් සිදු කරනු ලබයි.
