ශ්රී ලංකා නාවික හමුදාව යාපනය, පලාලි ඇන්තනීපුරම් වෙරළ ප්රදේශයේ ඊයේ (23දා) සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්රෑම් 26 කට අධික තොගයක් සමඟ සැකකරුවෙක් (01) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
මුහුදු මාර්ග ඔස්සේ සිදුකෙරෙන ජාවාරම් සහ නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා දිවයින වටා වූ මුහුද සහ වෙරළ තීරය ආවරණය වන පරිදි නාවික හමුදාව නිරන්තර මුර සංචාර සහ සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි.
ඒ අනුව, උතුරු නාවික විධානයේ ශ්රී ලංකා නාවික නෞකා උත්තර ආයතනයට අයත් වෙත්තලකේනි සහ පේදුරුතුඩුව නාවික අනුඛණ්ඩයන්හි නාවිකයින් එක්ව පී 055 වෙරළබඩ මුර යාත්රාව යොදවා සිදු කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී, සැකකටයුතු පුද්ගලයෙකු (01) පරික්ෂාවට ලක් කරන ලදි. එහිදි, එම සැකකරු විසින් තෙප්පම් වර්ගයේ යාත්රාවක අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ පාර්සල් දහතුනක (13) අසුරන ලද, කේරළ ගංජා කිලෝ 26 ග්රෑම් 170 ක පමණ තොගයක් මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 08 කට අධික වෙතැයි විශ්වාස කෙරේ.
තවද, කේරළ ගංජා සමඟ අත්අඩංගුවට ගත් සැකකරු (01) වයස අවුරුදු විසි එකක් (21) වන පලාලි, ඇන්තනීපුරම් ප්රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනාගත් අතර, එම සැකකරු (01) සහ කේරළ ගංජා කිලෝ 26 ග්රෑම් 170 ක පමණ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පලාලි පොලිසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.