අත්‍යවශ්‍ය නොවන අවස්ථාවක රූපවාහීනි සංස්ථාවට ජී”අයි” බට මිලදී ගෙන රජයට රුපියල් ලක්ෂ 10කට ආසන්න පාඩුවක් කළ බවට චෝදනා ලැබ සිටින අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි නඩුව ඔක්තෝබර් 28 වැනිදා සිදු කිරීමට සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය අද (18) තීරණය කළාය.
වෙනත් විනිසුරුවරයකු හමුවේ විභාග කෙරුණු නඩුවේ වැඩිදුර විභාගය මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ පැවැත්වීමට දෙපාර්ශවයම එකඟත්වය පළ කිරීම නිසා විනිසුරුවරිය එලෙස තීරණය කළාය.
2014 නොවැම්බර් 25 වැනිදා හෝ ඊට ආසන්න දිනයක පළමු විත්තිකරු ජනමාධ්‍ය ඇමතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී රූපවාහිනි සංස්ථාවට අත්‍යවශ්‍ය නොවන මොහොතක එහි ප්‍රවර්ධන වැඩසටහනකට යැයි පවසමින් රුපියල් 9 90 000/-ක මුදලක් වැය කොට ජී අයි බට 600 මිලදී ගෙන රජයට පාඩු සිදු කළ කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ ඒ අනුව කටයුතු කිරීම මඟින් අල්ලස් පනතේ ‘දූෂණය’ නමැති වරද කළ බවට විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම චෝදනා නඟා ඇත.
කෙහෙළිය රඹුක්වැල්ල මහතා ජනමාධ්‍ය ඇමතිවරයා ලෙස කටයුතු කළ 2014 වසරේදී මෙම වරද කළැයි චෝදනා කරමින් පවරා ඇති නඩුවේ අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට අමතරව රූපවාහිනී සංස්ථාවේ හිටපු අධ්යක්ෂවරයාට සහ හිටපු සභාපතිවරයාට එරෙහිවද චෝදනා නඟා ඇත.
නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකරුවෝ අධිකරණයේ පෙනී සිටියහ. නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව නඩුවේ වැඩිදුර විභාගය ඔක්තෝබර් 28 වැනිදා සිට පැවැත්වීමට විනිසුරුවරිය නියම කළාය.