කාසල්රි ජලාශයේ ප්රධාන ජල පෝෂක ප්රදේශයක් වන බගවන්තලාව ප්රදේශයට (29) දින පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාවත් සමග කෙසෙල්ගමුඔය පිටාර ගලා තිබුණි.
කෙසෙල්ගමුඔය පිටාර ගැලිමත් සමග කෙසෙල්ගමුඔය දෙපස පහත්බිම් රැසක් ජලයෙන් යට වු අතර , එම පහත්බිම් හරහා බගවන්තලාව ප්රදේශයේ වතු ගණනාවකට පිවිසෙන මාර්ග කිහිපයකම වැසි ජලයෙන් යට විම නිසා එම මාර්ගවල රථ වාහන ගමනා ගමනයට බාධා පැමිණ තිබුණි.
කෙසෙල්ගමුඔය පිටාර ගැලිමත් සමග පහත්බිම් වල වගා කර තිබු එලවළු වගාවන් වලට දැඩි අලාභ හානි සිදු වි ඇති බව ගොවින් පැවසිය.





