කෘමිනාශක වල් නාශක ආනයන සලාක ක්‍රමය අහෝසි කරයි
පළිබෝධනාශක, වල්නාශක සහ දිලීරනාශක ආනයනය සඳහා පනවා තිබූ සලාක ක්‍රමය අද (27දා) සිට අහෝසි කළ බව කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය.
මේ අනුව පළිබෝධනාශක රෙජිස්ටාර්වරයාගේ අනුමැතියලත් බෝගආරක්ෂණ පළිබෝධනාශක, වල්නාශක සහ දිලීරනාශක බලපත්‍රලාභී ආනයනකරුවන්ට ගෙන්වීමට හැකි බව ජානක වක්කුඹුර මහතා සඳහන් කළේය.
"පසුගිය කාලයේ මෙම පළිබෝධනාශක, වල්නාශක සහ දිලීරනාශක ආදිය ගෙන්වීමට හඳුන්වා දී තිබූ සලාක ක්‍රමය නිසා ඒවායේ මිල ඉහළ ගිය අතර හිඟයක්ද තිබුණා. ඒ නිසා වී, එළවළු, පලතුරු ගොවීන් දැඩි අසීරුවට ලක්ව සිටියා. සලාක ක්‍රමය අහෝසි කිරීමත් එක්ක ඒ අපහසුතා නැති වේවි. පළිබෝධනාශක, වල්නාශක සහ දිලීරනාශක ආදිය වෙළෙඳ පොළේ බහුල වුණාම ඒවායේ මිලත් අඩු වෙනවා. ගොවීන්ට වගා කටයුතු බාධාවකින් තොරව කරගෙන යන්නටත් හැකි වෙනවා. අපි තහනම් කළ වල්නාශක සහ පළිබෝධනාශක තියෙනවා. ඒවා ගෙන්වන්න බෑ. තහනම ඉවත් කළ ඒවා ගෙන්වන්න පුළුවන්.
කෘෂිකර්මාන්තයට තියන බාධක අයින් කරන්න රජය නියත වශයෙන්ම කටයුතු කරනවා. දැන් රසායනික පොහොර ආනයනය කිරීමට කිසිම තහනමක් නෑ. ලියාපදිංචි වුණ රසායනික පොහොර ආනයනකරුවන්ට රසායනික පොහොර ආනයනය කරන්න පුළුවන්. පසුගිය දවස් ටිකේ අපි කළේ රසායනික පොහොර ගෙන්වීමට අවශ්‍ය කටයුතු කිරීමයි.
‘ඒ වගේම අද සිට කිසිම හිඟයකින් තොරව කාබනික ඝන පොහොර සහ දියර පොහොර නොමිලේ ලබාදෙන ලෙස මම නියෝග කරලා තියනවා. ඒ සඳහා අවශ්‍ය මුදල් ලබාදී තිබෙනවා. රසායනික පොහොරත් ඉතා ඉක්මනින් ලබාදීමට කටයුතු කරනවා. එළවළු සහ පලතුරු ගොවීන්ට අවශ්‍ය පොහොර ගෙනවිත් තියෙනවා. ඉතා ඉක්මනින් ඒවා ගොවීන්ට ලබාදෙන්න කියලා අපි උපදෙස් දීලා තියෙනවා. ඒ නිසා ගොවි ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා ඔබ ගොවිබිමට ගිහින් වැඩකරන්න, ඔබේ පොහොර සහ කෘෂිරසායන අවශ්‍යතා සම්පූර්ණ කරන්න රජය සූදානම්" යනුවෙන් සඳහන් කළේය.
අජිත්ලාල් ශාන්තඋදය / කොලොන්නේ - ජේ. නානායක්කාර

popular news
-
Kumar Thursday, 28 April 2022 05:09 PM
kruminashaka paalanya karana eka bohoma honda deyak. Ihatha thibena seyruwe sitina thel isina kena thel isinney kisima arakshawak nathiwa neda. maywani rasaayanika warga isina awasthawala muka saha nasaya arwarana witharaka novey athdiga kamisyak, digu kalisamak samaga boot andhinna oney. daath awarana karnnath oney. mema rasayanika drawya thamaage sama thuling shareera gathwena athara penahaluroga saha pilikaa athiwena waga amerikawe mathyayi. Kurunegala kumburuwala tharuna kaalaye kuliyata wadakala gahanukenek maasa kihipayata pera akmaawe pilikawaking miyagiya.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

