අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයාගේ ලිපි ශීර්ෂ සහ අස්සන ව්‍යාජ ලෙස යොදාගනිමින් කටුගස්තොට ප්‍රසිද්ධ බාලිකා විදුහලක අතර මැදි පන්ති වලට ළමුන් ලමුන් 17දෙනෙකු ඇතුළත් කර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විශේෂ විගණන විමර්ශනයක්ආරම්භ කොට තිබේ .
එම සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (අධ්‍යාපන ගුණාත්මක සංවර්ධනය හාඅධ්යාපන ප්‍රතිසංස්කරණ) එච්. යු.ප්‍රේමතිලක මහතාගේ අත්සන සහ ලිපි ශීර්ෂව්යාජ ඒවා බවත් මධ්‍යම පළාතේ කිසිදු පාසලකට ළමුන් ඇතුළත් කරගන්නා ලෙස සහතික කරමින් තමන් කිසිදු ලිපියක් යොමු කර නොමැති බවද අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා ලිඛිතව දැනුම් දී තිබේ .ඒ පිළිබඳව වහාම පරීක්ෂාකොට බලා කූඨ ලේඛණ සකස් කිරීම සම්බන්ධයෙන් අදාළ පුද්ගලයන්ට එරෙහිව වහාම ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද දැනුම් දී තිබේ .
එම විදුහලට 2018 සහ 2021 අතර කාලයේදී විදුහලේ 02,03,04,07,08 සහ 09 ශ්‍රේණි සඳහා මේ ආකාරයට සිසුන් ඇතුළත් කරගෙන තිබෙන බවට විගණනයේදි හෙළිව තිබේ .
එම සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා යොමු කර තිබූ ලිපි වල සඳහන් දෙමවුපියන්ගේ තනතුරු සහ ලිපිනයන් බොහොමයක් ව්‍යාජ ඒවා වන අතර මේ සම්බන්ධයෙන්ද පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ .