කූඨ ගමන් බලපත්‍රයකින් ලංකාවට ඇතුළුවීමට තැත්කළ සෙනගාල් ජාතිකයා පිටුවහල් කරයි
කූඨ ලෙස සකස් කළ බ්‍රසීල ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගෙන මෙරටට ඇතුළු වීමට තැත් කළ සෙනගාල් ජාතිකයෙකු 10/23 දින ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන පිටුවහල් කිරීමට පියවර ගෙන තිබේ.මොහු 35 හැවිරිදි සෙනගාල් ජාතිකයෙකි.
ඔහු 10/23 දින අලුයම 05.45 ට කටාර් රාජ්‍යයේ දෝහා සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 218 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
එසේ පැමිණි මොහු සිය ගුවන් සේවා නිශ්කාශන කටයුතු කර ගැනීම සදහා කටුනායක ගුවන් තොටුපොළ ආගමන කවුළුව වෙත පැමිණ , සිය බ්‍රසීල ජාතික ගමන් බලපත්‍රය ඉදිරිපත් කර තිබේ.
එහිදී එහි සේවය කළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීවරයාට මෙම ගමන් බලපත්‍රය පිළිබද සැක සිතී , ඔහු ඉදිරිපත් කළ සියලුම ලියකියවිලි සමග දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත යොමු කර තිබේ .
එහිදී සිදු කළ තාක්ෂණික පරීක්ෂා කිරීම් වලදී මෙම බ්‍රසීල ගමන් බලපත්‍රය කූඨ ලෙස සකස් කළ එකක් බවට කරුණු අනාවරණය විය.
පසුව ඔහු රැගෙන විත් තිබූ ගමන් මල්ල පරීක්ෂාවකට ලක් කළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ට , එහි සගවා ගෙන තිබූ ඔහුගේ සැබෑ සෙනගාල් ජාතික ගමන් බලපත්‍රය මෙන්ම නේපාලයේ කත්මණ්ඩු නුවර වෙත යාමට අවශ්‍ය ගුවන් යානා ප්‍රවේශ පත්‍රයක් ද සොයා ගැනීමට හැකි වී තිබුණි.
ඉන්පසුව මෙම සෙනගාල් ජාතිකයා ආපසු ඔහු පැමිණි කටාර් රාජ්‍යයේ දෝහා වෙත පිටුවහල් කිරීම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය වෙත භාර දීමට පියවර ගෙන තිබේ .
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

