ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව පෙන්වූ දුර්වල තරග විලාශය සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුසල් මෙන්ඩිස් පවසයි.
ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාවේ පසුබෑම සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව පැවැසීය.
එසේම කිසිම කණ්ඩායමක් සමග ක්‍රීඩා කිරීමේදී ලකුණු 55කට සැලසුම් කර දැවී යා නොහැකි බවද ඔහු පැවැසීය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ අඩුපාඩු සම්බන්ධයෙන් නායකයෙක් ලෙස තමන් දන්නා බවත් ඉදිරියේදී ඒවා සකස් කර ගැනීමට කටයුතු කරන බවත් කුසල් පැවැසීය.