ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව කුවේට් රාජ්‍යයේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයෙකු කාර්යාංශයේ ඌව පළාත් විගමණික සම්පත් මධ්‍යස්ථානයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කුවේට් රාජ්‍යයේ ගබඩා සහයක වශයෙන් රැකියා අවස්ථා පවතින බවත්, ඒ සඳහා රු.450,000.00 ක මුදලක් අවශ්‍ය බවත් මෙම පුද්ගලයා පවසා ඇති අතර, බදුල්ල නගරය අවට පදිංචි පුද්ගලයින් 8 දෙනෙකු රවටා මොහු රුපියල් ලක්ෂ 26ට අධික මුදලක් ලබාගෙන තිබේ.
මුදල් ලබාදුන්නද පොරොන්දු වූ පරිදි රැකියා ලබානොදීම හේතුවෙන් එම පුද්ගලයින් කාර්යාංශයේ ඌව පළාත් කාර්යාලය වෙත පැමිණිලි කර ඇති අතර, ඒ අනුව ගම්පොල, අටබාගේ, අටබාගේ වත්ත ප්‍රදේශයේ පදිංචි කදිරේෂන් යශෝධරන් නම් පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදී.
අත්අඩංගුවට ගත් සැකකරු කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව විදේශ රැකියා සඳහා බඳවාගැනීම හා මුදල් ලබාගැනීම යන චෝදනාව යටතේ 2023.09.24 දින බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැප්තැම්බර් 27 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.