කුවේට් රාජ්‍යෙය්දී වෙසක් සමරයි
කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලීය නිලධාරීන් සහ එරට ශ්‍රී ලංකා සංස්කෘතික සංගමය එක්ව 35 වැනි වරටත් සංවිධානය කළ වෙසක් උත්සවය මැයි මස 25 සහ 26 දෙදින තුල කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්වුණි.
ශ්‍රී ලංකාවේ සිට එරටට වැඩම කළ භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් එම දෙදින තුළ ධර්ම දේශනා පවත්වා තිබූ අතර , එරට වෙසෙන ශ්‍රී ලාංකික විදුලි කාර්මිකයන් සහ චිත්‍ර ශිල්පීන් එකතු වී " ගුත්තිල ජාතකය " පිළිඹිබු කෙරෙන දර්ශනීය තොරණක් ද ඉදි කර තිබුණි.
මෙම වැඩසටහනෙහි අධීක්ෂණය, නියාමනය සහ සංවිධායකත්වය කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාන්දීපන් බාලසුබ්රමනියම් මහතා විසින් සිදු කර තිබුණි .
මෙම වැඩසටහනට සහභාගී වීමට කුවේට් රාජ්‍යයේ වාසය කරන සහ එරට රැකියා වල නිරත ශ්‍රී ලාංකිකයන් 5,000 කට අධික පිරිසක් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත පැමිණ තිබේ. ඔවුන් සියලු දෙනා වෙත , මෙම දින දෙක තුළ දී බත් , ඉදියාප්ප , අයිස් ක්‍රීම් සහ සිසිල් බීම දන්සැල් ද ක්‍රියාත්මක කර තිබුණි.








popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

