කුවේට් ගුවන් සේවය යලි ලංකාවට එයි
වසර 04 ක පමණ කාළයක් නවතා දමා තිබූ කුවේට් ගුවන් සේවයේ මෙරටට පැමිණීමේ ගුවන් ගමන් යළි ආරම්භ කරමින් එම ගුවන් සේවයේ මංගල ගුවන් යානය 10/27 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.
ඉකුත් 2021 වසරේ දෙසැම්බර් මස 31 දින කුවේට් ගුවන් සේවයේ ගුවන් ගමන් අත්හිටුවා තිබුණි . මෙම මංගල ගුවන් ගමන සදහා ඒ.- 320 නියෝ වර්ගයයේ ගුවන් යානයක් කුවේට් ගුවන් සේවය යොදවා තිබූ අතර , එම ගුවන් යානය 10/27 දින උදෑසන 08.40 ට කුවේට් සිටි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට පැමිණි අතර ජල ආචාර ( Water Salute ) පවත්වමින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පිළිගනු ලැබීය.
මෙම ගුවන් යානය තුළ මගීන් 94 දෙනෙකු සහ කාර්යය මණ්ඩලය 06 දෙනෙකු පැමිණ සිටි අතර යළිත් එම ගුවන් යානය මගීන් 105 දෙනෙකු සහ කාර්යය මණ්ඩලය 06 දෙනෙකු රැගෙන 10/27 දින උදෑසන 09.40 ට කටුනායක ගුවන් තොටුපොළෙන් කුවේට් සිටි බලා පිටත්ව ගියේය.
මෙම ගුවන් යානය පිළිගැනීමේ අවස්ථාවට ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති සුනිල් ජයරත්න , ශ්‍රී ලංකාවේ වැඩබලන කුවේට් තානාපති අල් මුහානා ඇතුළු ගුවන් සේවා ක්ෂේත්රයට සම්බන්ධ විශාල පිරිසක් ද පැමිණ සහභාගී වී සිටියහ.
මින්පසුව කුවේට් ගුවන් සේවයේ ගුවන් යානා සෑම සතියකම සදුදා , බ්‍රහස්පතින්දා , සිකුරාදා සහ සෙනසුරාදා යන දින වල කුවේට් රාජ්‍යයේ කුවේට් සිටි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපොළ අතර ගමන් ගැනීමට නියමිතය .



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                