කුවේට් රාජ්‍යයේ වීසා බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී ලෙස රැදී සිටියදී එරට ආරක්ෂක අංශ මගින් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ශ්‍රී ලාංකිකයන් 20 දෙනෙකු එරටින් පිටුවහල් කර 09/20 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබූණි .
මෙම පිරිස එරට ගෘහ සේවය ඇතුළු විවිධ රැකියා සදහා ගොස් , ඔවුන් ගිවිසුම් ගත සේවා ස්ථාන වලින් පිටමං වී , වීසා නොමැතිව , වෙනත් රැකියා ස්ථාන වල රැදී සිටියදී මෙසේ කුවේට් ආරක්ෂක අංශ වල අත් අඩංගුවට පත් වී තිබේ .
ඔවුන් 09/20 දින අලුයම 03.10 ට කුවේට් රාජ්‍යයේ කුවේට් සිටි නුවර සිට , අල් ජසීරා ගුවන් සේවයේ ජේ.එන්.- 551 දරන ගුවන් යානයෙන් මෙසේ පිටුවහල් කර එවා තිබුණි .
පසුව මෙම පිරිසට , සිය ගම්බිම් බලා පිටත්ව යාම සදහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබා දී , ඔවුන් පිටත් කර හැරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන තිබුණි .