කුරුදු දර මිටි පටවාගෙන දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ලොරි රථයක් අද (15දා) පෙරවරුවේ කිලෝමීටර් 10 දශම 5 බණ්ඩාරගම කොළමැදිරිය ප්රදේශයේදී පෙරළී යාමෙන් එම ලොරි රථයට බරපතල අලාභ සිදු වී ඇතැයි අධිවේගී රථ වාහන පොලීසිය පවසයි.
මාතර මිද්දෙනිය ප්රදේශයේ සිට ක්ෂණික ආහාර නිෂ්පාදනය කරන තිඹිරිගස්යාය ප්රදේශයේ ආයතනයකට කුරුදු දර රැගෙන යමින් සිටියදී ලොරි රථයේ දකුණු පස පිටුපස රෝදය පිපිරී යාමත් සමඟම ලොරිය පෙරළී මීටර් දහයක් පමණ ඉදිරියට ඇදී ගොස් ආරක්ෂිත වැටෙහි ගැටී නතර වී ඇතැයි පොලිසිය කියයි.
අනතුර වන අවස්ථාවේ ලොරි රථයේ රියැදුරු පමනක් සිට ඇති අතර ඔහුට තුවාල සිදුවී නැත. අනතුරින් ලොරි රථයට බරපතල අලාභ සිදු වී තිබේ.
