කුරුණෑගලින් පළමු කොරෝනා රෝගියා වාර්තා වෙයි
කුරුණෑගල ශික්ෂණ රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කරන ලද වාරියපොළ කටුපොත ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි කාන්තාවකට කොවිඩ් 19 වෛරසය ආසාධනය වී ඇති බව තහවුරුවූ බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා ප්‍රකාශ කළේය .
මෙම කාන්තාව ඊයේ (31) දිනයේ කොරෝනා රෝග ලක්ෂණ පහළ වීම හේතුවෙන් කටුපොත රෝහලේ සිට කුරුණෑගල ශික්ෂණ රෝහලට වැඩිදුර ප්‍රතිකාර සඳහා එවීමෙන් පසුව කරන ලද පරීක්ෂණ වලින් ඇය කොරෝනා ආසාධිතයෙකු බවට අනාවරණය වී ඇත .
මෙම කාන්තාව පදිංචි කටුපොත නිවසට කොරෝනා ආසාධනයවී මේවනවිට අයිඩීඑච් උණ රෝහලේ ප්‍රතිකාර ලබන පුත්තලම ප්‍රදේශයේ පුද්ගලයකු පැමිණ ඇතැයිද ඉන් පසුව ඔහුගෙන් ඇයට මෙම වෛරසය ආසාධනය වී ඇති බවද වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා පැවසීය.
මෙම කාන්තාව අද පස්වරුවේ ප්‍රතිකාර සඳහා අයිඩීඑච් උණ රෝහලට යැවීමට පියවර ගත් බවද ඒ මහතා සඳහන් කළේය . කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් හමුවූ ප්‍රථම කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගියා මෙම කාන්තාවය.
ගීතාංජලී ප්‍රියදර්ශනී
popular news
-
bandara Wednesday, 01 April 2020 09:31 PM
මේ කටුපොතද සියඹලාගස්කොටුවද කියල හරියටම කියන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

