කුරුණෑගල රෝහලේ තැලිසීමියා ඒකකය වසයි
කුරුණෑගල ශික්ෂණ රෝහලට අයත් තැලසීමියා රෝග ප්‍රතිකාර ඒකකයේ සේවය කරන උපස්ථායිකාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වීම හේතුවෙන් එම ඒකකය අද (21දා) සිට තාවකාලිකව වසා දැමීමට රෝහල් බලධාරීන් පියවර ගෙන ඇත.
කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි කාන්තාවක වන ඇයට සහ 13 හැවිරිදි ඇගේ දියණියටද වෛරසය ආසාදනය වී ඇති බව කුරුණෑගල ශික්ෂණ රෝහලේදී කළ පීසීආර් පරීක්ෂණ මඟින් තහවුරු වී තිබේ.
මේ හේතුවෙන් තැලසීමියා ප්‍රතිකාර ඒකකයේ සියළුම ප්‍රතිකාර සේවාවන් අද දින පෙරවරුවේ සිට තාවකාලිකව අත්හිටුවා එහි සම්පූර්ණ කාර්ය මණ්ඩලය සහ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් පීසීආර් පරීක්ෂණ වලට ලක් කිරීමට පියවර ගෙන ඇති බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා සඳහන් කළේය.
මේ දිනවල කුලියාපිටිය ආශ්‍රිතව පැතිර යන කොරෝනා පොකුර හා සම්බන්ධ ආසාදිත රෝහල් උපස්ථායිකාවගේ සැමියාටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණයවේ. ඔහුගෙන් උපස්ථායිකාවට වෛරසය ආසාදනය වන්නට ඇති බවට සැක කරයි.
කුරුණෑගල ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වූ ප්‍රථම අවස්ථාව මෙයවේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
