කුරුණෑගල මහ වීදිය තාවකාලිකව වසා දමයි
කුරුණෑගල නගරයේ ප්‍රධාන වීදි වල ව්‍යාපාරික ස්ථාන වල සේවකයන් සඳහා කරන ලද පීසීආර් පරීක්ෂණ වලින් තවත් කොරෝනා ආසාදිතයින් 13 දෙනෙකු ඊයේ (27) දිනයේ තහවුරු වී ඇති බව කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා ප්‍රකාශ කළේය.
මේ අනුව ඊයේ දිනය වනවිට කුරුණෑගල නගරයේ ව්‍යාපාරික ස්ථාන 20 කින්ම කොරෝනා වෛරසය ආසාදනය වූවන් හමුවී තිබේ. මහ වීදිය ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථාන වලින් ආසාදිතයින් වැඩි පිරිසක් වාර්තා වී ඇත. මීට අමතරව කුරුණෑගල මලියදේව වීදිය, මුස්ලිම් පල්ලිය පාර සහ දඹුල්ල මාර්ගයේ පවත්වාගෙන යන ව්‍යාපාරික ස්ථාන වලින් මෙම ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වී ඇත.
මහ වීදිය ප්‍රදේශයෙන් ආසාදිතයින් වැඩි පිරිසක් හමු වීම හේතුවෙන් පවතින අවදානම් තත්ත්වය මත මේවනවිට එම වීදිය තාවකාලිකව වසා දමා සංචරණ සීමා පැනවීමටද කුරුණෑගල මහ නගර සභාව පියවර ගෙන තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
