කුරුණෑගල ආසාදිතයන් 66ක් - ජපුර රෝහලේ හෙදියෙක්ද ඒ අතර
කුරුණෑගල දිස්ත්‍රික්කයේ අද (5දා) දිනය වනවිට හඳුනාගෙන සිටින කොරෝනා වෛරසය ආසාදනය වූවන්ගේ සම්පුර්ණ සංඛ්‍යාව 66 ක් වන අතර ඉන් එක් අයෙකු මරණයට පත්ව ඇති බව වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය එන්.ෆරීඩ් මහතා ප්‍රකාශ කළේය .
මේ පිරිසෙන් කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඍජුවම හඳුනාගත් ආසාදිතයන් සංඛ්‍යාව 23 ක් වන අතර මහව නාගොල්ලාගම සහ පොල්පිතිගම ප්‍රාදේශ වල පදිංචි දෙදෙනෙකු අනුරාධපුර මහ රෝහලේදී කරන ලද පරීක්ෂණ වලින් ආසාදිතයන් බවට තහවුරු කරගෙන ඇති බවද පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා සඳහන් කළේය .
මෙම ආසාදිතය පිරිස නාවික සහ යුද හමුදා සාමාජිකයින් , නාවික හමුදා සාමාජිකයින්ගේ සමීපතම ඥාතීන් සහ ඉතාලියේ සිට පැමිණ දිවයිනේ විවිධ නිරෝධායන මධ්‍යස්ථාන වල නිරෝධායනයට ලක් වෙමින් සිටියදී ආසාදිතයන් බවට පත්වූ පුද්ගලයන් බවද වෛද්‍ය ෆරීඩ් මහතා පැවසීය.
මේ සංඛ්‍යාවෙන් 37 දෙනෙකුම වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කරන හමුදා සෙබළුන් වන අතර ඔවුන් නිවාඩු අවසන් කර ආපසු සේවයට වාර්තා කිරීමෙන් පසුව සහ කඳවුරේ සේවය කරමින් සිටියදීම වෛරසයට ගොදුරු වූවන් බවට හඳුනාගෙන ඇත. කොරෝනා වෛරසය ආසාදනය වී මරණයට පත්වූ පොල්පිතිගම මාඑළියේ පදිංචිව සිටි කාන්තාව සමග තවත් 8 දෙනෙකුම මෙම නාවික සෙබළුන්ගේ පවුල්වල සාමාජිකයින් බවට හඳුනාගෙන තිබේ .
මීට අමතරව තවත් පුද්ගලයන් 8 දෙනෙකු ඉතාලියේ සිට මෙරටට පැමිණීමෙන් පසුව කන්දකාඩුව නිරෝධායන මධ්‍යස්ථානයේදී නිරෝධායනයට ලක් වෙමින් සිටියදී වෛරසය ආසාදනය වූවන් බව කියයි . කටුපොත කැකුණගොල්ල ප්‍රදේශයෙන් හඳුනාගත් කාන්තාව සහ ජයවර්ධනපුර රෝහලේ සේවය කරන හෙදියක්ද කොරෝනා වෛරසය ආසාදනය වූ මෙම පිරිසට අයත්වේ. මෙම ආසාදිත පිරිස අතරේ යුද හමුදා සාමාජිකයින් දෙදෙනෙකුද සිටිති.

popular news
-
rocky Tuesday, 05 May 2020 05:46 PM
එක චන්දයක් වත් පෙට්ටියට නොවැටී අහක යන්න ඉඩ තියන්න නාකයි
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

