පානදුර ප්රාදේශීය සභාවේ කසල ප්රවාහනය කරන ලොරි රථයෙන් රාත්රී කාලයේ ඩීසල් ලීටර් 20 ක් සොරකම් කල එම සභාවේම සේවකයෙකු අත්අඩංගුවට ගත්බව වාද්දූව පොලීසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර ප්රාදේශීය සභාවේ ජේ සී බී යන්ත්රයේ සහයක ලෙසින් රාජකාරි කරන සේවකයෙකු බව පොලිසිය පැවසීය.
ඉකුත් 24 දා රාත්රී වාහන අංගනයේ ගාල්කර තිබූ කසල ප්රවාහනය කරන ලොරි රථයෙන් ඩීසල් ලීටර් 20 ක් සභාවේ සේවය කරන සේවකයින් දෙදෙනෙකු සොරකම් කරගෙන යන බවට වාද්දුව පොලිසිය දැනුවත් කිරීමෙන් පසු එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන සඟවා තිබූ ඩීසල් ලීටර 20 සොයාගත් බව පොලිසිය සදහන් කළේය.
සිද්ධියට සම්බන්ධ අනෙක් සැකකරු කඩිනමින් අත්අඩංගුවට ගැනීමට ක්රියා කරන බව උසස් පොලිස් නිලධාරියෙක් කීය.
පසුගිය දින කිහිපය පුරාවට කසළ ප්රවාහනය කිරීමට ඉන්ධන නොමැතිව පානදුර ප්රාදේශීය සභාව දැඩි අපහසුතාවයකට ලක්ව සිටි බව එහි උසස් නිලධාරියෙක් පැවසීය.
සැකකරුවන් පානදුර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
පානදුර සුමිත් පොතුපිටිය