කුඩු පැකට් 2000 ක් සමග කාන්තාවක් අල්ලයි
හෙරොයින් මත්කුඩු පැකට් 2000 ක් සමග කාන්තාවක් බොරලැස්ගමුව පිල්ලෑව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසයි.
එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ විස්සක් පමණ වේ.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක පැතුම් කුමාර මහතාට ලද තොරතුරක් අනුව සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබේ.
ඩුබායි රාජ්‍යයේ සැඟව සිට මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන බඩෝවිට අසංක නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරමට මෙම සැකකාරිය සම්බන්ධ බවට ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ බව පොලිසිය කියයි.
"අවදානම් "යනුවෙන් සටහන්ව තිබෙන සිංහ ධේනුවගේ ඡායාරූපයක් සහිත කුඩා ලේබල් මත්කුඩු පැකට් කිරිම සඳහා යොදාගෙන ඇතැයි පොලීසිය සඳහන් කළේය.
බඩෝවිට අසංක නමැත්තාගෙන් උපදෙස් මත කිසියම් පුද්ගලයකු මෙම කාන්තාව ට මත්කුඩු පැකට් තොගය ලබා දී ඇති බවද පොලිසිය පැවසීය.
සැකකාරිය ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශය ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි තැනැත්තියකි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

