කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් විසින් කර්මාන්ත කරගෙන යාම සඳහා ලබාගෙන තිබෙන ණය ප්‍රතිව්‍යුහගතකරණයකට ලක් නොකළ හොත් ඉදිරි කාලයේදී කර්මාන්ත සිය ගණනක් මූල්‍ය ආයතන විසින් අත්පත් කර ගන්නා බව ශ්‍රි ලාංකික ක්ෂුද්‍ර, සුළු, කුඩා හා මධ්‍ය වානිජ මණ්ඩලය සඳහන් කරයි.
පරාටේ නීතිය යටතේ ආදාළ දේපල අත්පත් කර ගනිමින් තිබෙන බවත්, මෙම නීතිය අහෝසිකර වර්තමානයට ගැලපෙන ලෙස නීතිය සකස් විය යුතු බවත්, ලෝකයේ කිසිදු රටක පරාටේ නමැති නීතියක් නොමැති බවත් එම සංගමයේ උපසභාපති මහේන්ද්‍ර පෙරේදා මහතා සඳහන් කළේය.
පවතින අර්ථික අර්බුදය නිසා ලබා ගත් ණය ගෙවා ගැනීමට නොහැකිව ව්‍යාපාරිකයන් දහස් ගණනක් අසරණ වී සිටින බවත්, මේ නිසා මූල්‍ය ආයතන විසින් කර්මානතශාලා හෝ ව්‍යාපාරික ස්ථාන පවරා ගැනීමට කටයුතු කරමින් තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය.
සාමාන්‍යයෙන් ව්‍යාපාරිකයන් දෙතුන් දෙනෙකුට පරාටේ නීතිය යටතේ දේපල පවරා ගැනීම පිළිබඳ දැනුම් දෙමින් තිබෙන බවත්, පසුගිය වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා කාලය තුළදී මෙම නීතිය යටතේ දේපල එක් දහස් හාරසිය හතරක් මූල්‍ය ආයතන විසින් පවරාගෙන තිබෙන බවත් හෙතෙම කියා සිටියේය.
මූල්‍ය ආයතන විසින් දේපල පවරා ගැනීම නිසා එම ආයතනවල සේවය කරන සේවකයන්ට රැකියා අහිමි වී රට තුළ විරැකියාවෙන් පෙළෙන ප්‍රමාණය ඉහළ යාමත් සිදුව තිබෙන බවත්, ලබා ගත් ණය ගෙවීමට නම් ව්‍යාපාරිකයන්ට අදායම් මාර්ග තිබිය යුතු බවත් ව්‍යපාරික ස්ථාන මුල්‍ය ආයතනවලට පවරා ගැනීමෙන් ආදායම් අහිමි වී යන බවත් ඒ මහතා පවසා සිටියේය.
ගෙවීගිය වසර 04 ක කාලයක් පුරා පවතින විවිධ හේතු නිසා රටක් වශයෙන් ආර්ථික අර්බුදයකට ලක් වී තිබෙන බවත්, මේ නිසා රජය විසින් විදේශ රටවලින් ලබා ගත් ණය ගෙවීම සඳහා සහන කාල ලබා ගෙන තිබෙන බවත් ව්‍යාපාරිකයන්ට ගොදුරු වී තිබෙන්නේ රටේ අර්බුදයටම බවත් හෙතෙම සඳහන් කළේය.
මේ නිසා කර්මාන්ත සඳහා ලබා ගෙන තිබෙන ණය ගෙවා ගැනීමට නොහැකිව යම් අර්බුදයක සිටින පිරිස් සඳහා ණය ගෙවීමට වසර දෙකක සහන කාලයක් හිමි විය යුතුව තිබෙන බවත්, පරාටේ නීතිය යටතේ දේපල පවරා ගැනීම සිදුකිරීම වැළැක් විමට කඩිනමින් නීති සකස් විය යුතු බවත් ඒ මහතා පවසා සිටියේය.