ත්‍රිකුණාමලයේ කුචාවලි ප්‍ර දේශයේදි ධිවරයෙකුට වෙඩි වැදිමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ලබා දෙන ලෙස ධිවර අමාත්‍යවරයා නාවික හමුදාවට උපදෙස් දී තිබේ.
ඉහත වාර්තාව මත පදනම්ව ඉදිරි පියවරය ගැනිමට අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතා තිරණය කර තිබෙන බව.බවද , ජලජ සහ සාගර සම්පත් අමාත්‍යංශය ඊයේ (4) මාධ්‍ය නිවෙදයක් නිකුත් කරමින් සදහන් කලේය.
ත්‍රිකුණාමලයේ කුචාවලි මුහුදු තීරයේ නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ බව කියන ධීවරයෙකුට නාවික හමුදාව විසින් ඊයේ (.03) සිදු කළ බව කියන වෙඩි තැබීමකින් එක් අයෙකු තුවාල ලබා තිබෙන බවද එම අමාත්‍යංශය සදහන් කරයි
මේ පිලිබදව ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතාගේ අවධානයට යොමු වි තිබෙන බවත් මේ අනුව අමාත්‍ය වරයා විසින් සිද්ධිය පිළිබඳ වාර්තාවක් ඉල්ලා තිබෙන බවද පෙන්වා දෙයි
'නීති විරෝධී ධීවර කටයුතු මුහුදට සහ රටට හානිකර බවත් . ධීවරයින් කිහිපදෙනෙකුගේ ආදායම වෙනුවෙන් ධීවරයින් බහුතරයකගේ ආදායම අහිමි වන බවත් මේ නිසා නීති විරෝධී ධීවර කටයුතු වැළැක්වීමට නාවික හමුදාවට උපදෙස් ලබා දි තිබෙන බවද සදහන් කරයි