බඩල්කුඹුර පොලිස් වසමට අයත් මාලිගාතැන්න ප්‍රදේශයේ පුද්ගලයෙකු තම කුකුළෙකු බැල්ලියක විසින් රැගෙන ගොස් මරා දැමීම නිසා කෝපවී බැල්ලියකට (03) වෙනිදා කැප්ප තුවක්කුවකින් වෙඩි තබා මරා දමා ඇත.
මෙසේ ඝාතනය කරන ලද නිවස අසල සිටින බැල්ලියට පැටවුන් 04 දෙනෙකු සිටින අතර බැල්ලිය විසින් සැකකරුගේ ඉඩමේ නිදැල්ලේ සිටි කුකුළා අල්ලාගෙන මරා පැටවුන්ට ගෙන ගොස්දී තිබේ.
සැකකරු කුකුළා සොයා බලා නොමැති වීම නිසා අවට පරීක්ෂා කිරීමේදී මරා දමන ලද කුකුළා හමුවී ඇත.
ඉන් කෝපයට පත් කුලී වැඩ සහ ගොවිතැන් කරන 42 හැවිරිදි පුද්ගලයාගේ නිසට ගොස් ඔහුට අයත් කැප්ප තුවක්කුවෙන් බැල්ලියට වෙඩි තබා මරා දමා තිබේ.
සිද්ධිය පොලීසියට වාර්තා වීමෙන් අනතුරුව මරා දැමූ බැල්ලියගේ සිරුර බඩල්කුඹුර පශු වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කර පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා ඇත. එහිදී බැල්ලියගේ ශරීරයේ මූනිස්සම් කැට තුනක් තිබී හමුවී තිබේ.
බැල්ලිය මරා දැමූ පුද්ගලයා ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට බඩල්කුඹුර පොලිස් ස්ථානාධිපතිසුනිල් දිසානායක මහතා පරීක්ෂණ පවත්වයි.
මොනරාගල සුමනසිරි ගුණතිලක