මඩකලපුව-කල්මුණේ ප්රධාන මාර්ගයේ පුතුකුඩිඉරිප්පු ප්රදේශයේදී කුකුළන් ප්රවාහනය කළ ලොරියක් මාර්ගය මත වැතිර සිටි අයාලේ යන් ගවයන් සමඟ ගැටීමෙන් ලොරියේ සිටි කුකුළන් 650ක් පමණ මිය ගිය බව දැනගන්නට ලැබේ.
කාත්තන්කුඩි පොලිස් වසමට අයත් පුතුකුඩිඉරිප්පු ප්රදේශයේදී අද (12) අලුයම 4.30 ට පමණ කුකුළන් ප්රවාහනය කළ පිකප් වර්ගයේ වාහනයක් පෙරළී ගොස් අනතුරකට ලක් විය.
කුකුළන් රැගෙන කල්මුණේ මාර්ගය ඔස්සේ කල්මුණේ දෙසට ගමන් කළ වාහනය පුතුකුඩිඉරිප්පු ප්රදේශය හරහා ගමන් කරමින් සිටියදී මාර්ගයේ සිටගෙන සිටි ගවයකු ගැටී පෙරළී ගොස් අනතුරකට ලක් විය.
අනතුරට සම්බන්ධ ගවයා එම ස්ථානයේදීම මිය ගිය අතර කුකුළන් ද මිය ගියේය. කාත්තන්කුඩි පොලිසිය අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
මඩකලපුව ජවුෆර් ඛාන්
