ඇතැම් ප්‍ර දේශවල කුකුල් මස් (දවස) කිලෝවක සිල්ලර මිල රුපියල් එක්දහස් පන්සියක් දක්වා ඉහල ගොස් තිබේ.
මේ මස ආරම්භයේදි රුපියල් එක් දහස් එකසියත් රුපියල් එක් දහස් එකසිය හැටත් අතර මිලකට අලෙවි වු කුකුල් මස කිලෝවක මිල දෙවන සතිය වන විට රුපියල් එක්දහස් තුන්සිය පනහක් දක්වා ඉහල ගොස් තිබුණි.
තුන්වන සතිය වන විට එම මිල රුපියල් එක් දහස් පන්සියක් දක්වා ඉහල ගොස් තිබෙන අතර මිට සාපෙක්ෂව ශිතකරණවල තබා අලෙවි කරන කුකුල් මස් කිලෝවක මිල පවා රුපියල් එක්දහස් දෙසියක් දක්වා ඉහල ගොස් තිබේ.
සමාන්‍ය තත්ත්වයේ බිත්තරයක මිල රුපියල් තිස් පහත් රුපයල් තිස් අටත් අතර මිලකට අලෙවි වන අතර කුඩා බිත්තරයක් රුපියල් තිහත් තිස් දෙකක් අතර මිලකට අලෙවි වේ.
සාලය. යක්සාලය වැනි කුඩා මත්ස්‍ය කිලෝවක මිල රුපියල් අටසිය ඉක්මවා ගොස් තිබෙන අතර තලපත් හා කෙලවල් කිලොවක සිල්ලර මිල රුපියල් තුන්දහසක් වන අතර තොග මිල රුපියල් දෙදහසක පමණ මිලකට අලෙවි වේ. හුරුල්ලා කිලෝවක මිල සිල්ලර මිල රුපියල් දහසත් එක්දහස් දෙසියක් අතර මිලක් වන අතර අතර ඇතැම් ප්‍ර දේශවල හුරුල්ලා මාළු මිලදි ගැනිමට නොමැති බවද පාරිභෝගික ජනතාව සදහන් කරති.
පරව් මාළු කිලෝවක සිල්ලර මිල රුපියල් එක්දහස් පන්සියක පමණ මුදලක් වන අතර තොග මිල රුපියල් එක්දහස් තුන්සියක මට්ටමේ පවති්.
මාළු මිල හා බිත්තර මිල ඉහල මට්ටමක පැවතිම නිසා කුකුල් මස් සදහා ඉල්ලුම ඉහල ගොස් තිබෙන අතර මිට සාපෙක්ෂව කුකුල් මස් මිලත් ඉහල ගොස් තිබේ.