වෙළදපොල තුල කුකුල් මස් අලෙවි කිරිමෙදි මිල විකෘතියක් ඇති වි තිබෙන බවත් මේ නිසා කුකුල් මස් සිල්ලරට අලෙවි කිරිමට අදාලව පාලන මිලක් ඇති කල යුතු බව ජාතික සත්ව නිෂ්පාදකයින්ගේ සංගමය සදහන් කරයි
රුපියල් එක්දහස් දෙසියත් රුපියල් එක්දහස් තුන්සියත් අතර මිලකට අලෙවි කල කුකුල් මස් කිලොවක මිල මේ වන විට රුපියල් එක්දහස් හයසියත් රුපියල් එක්දහස් අටසියත් අතර මිලක් දක්වා ඉහල ගොස් තිබෙනබවද එම සංගමයේ සභාපති සුජිව ධම්මික මහතා සදහන් කලේය
සිල්ලර වෙළදාමෙදි මස් මිල ඉහල ගියත් ගොවිපල හිමියන් විසින් මස් තොග ලබා දිමෙදි කිලෝවක් අලෙවි කරණූ ලබන්නේ රුපියල් 850 ත් රුපියල් 1200 ත් අතර මුදලකට බවත් තොග ලබා දිමෙදි මිල ඉහල යාමක් සිදුවි නොමැති බවද පවසා සිටියේය
එහෙත් කුකුල් මස් මිල ඉහල දමා තිබෙන බවට ගොවිපල හිමියන්ට විවිධ පිරිස් විසින් චොදනා කරමින් තිබෙන බවත් ගොවිපල හිමියෙකුට මස් කිලෝවක් නිෂ්පාදනය කිරිම සදහා රුපියල් 800 ත් රුපියල් 900 ත් අතර මුදලක් වැය වන බවත් මිට අමතරව දින 45 ක් කාලයක් කුකුලන් රැකබලාගත යුතු බවද සදහන් කලේය
මෙතරම් කාලයක් කුකුල් රැකබලාගෙන කටයුතු කලත් ගොවිපල හිමියෙකුට මස් කිලෝවකින් ලැබෙන්නේ රුපියල් 300 ට අඩු ලාභයක් බවත් එහෙත් කූට වෙලදුන් විසින් මස් කිලෝවකින් රුපියල් 400 කට වැඩි ලාභයක් උපයා ගන්නා බවද පවසා සිටියේය