කීරි සම්බා හිඟයේ යථාර්ථය මෙන්න
කිරි සම්බා සදහා උපරිම සිල්ලර මිලක් නියමකොට තිබුණද පුද්ගලික ජාල හරහා අවිධිමත් මාර්ග ඔස්සේ දේශිය කිරි සම්බා අලෙවි කරණ සැගවුණු වෙළද පොළක් රට තුල නිර්මානය වි ඇති බැව් පාර්ලිමෙන්තුවට ඉදිරිපත්කොට ඇති රජයේ මුදල් පිළිබද කාරක සභා වාර්තාවක සදහන් වේ.
දේශිය කිරි සම්බා සදහා උපරිම සිල්ලර මිල රුපියල් 260ක් වුවද වෙළදපොළ තුල කිරි සම්බා කිලෝග්රැම්යක් අලෙවිකරණු ලබන්නේ රුපියල් 300කටත් වඩා වැඩි මිලකට බව මෙකි වාර්තාවේ සදහන් වේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් දැනට පවත්වාගෙන යනු ලබන්නේ කිරි සම්බා වි මෙට්රික්ටෙන් 19 සංචිතයක් වන අතර එම සංචිතය කිරි සම්බා හිගයට ප්‍රමාණවත් නොවන බවද මෙම වාර්තාවේ සදහන් වේ.
කිරි සම්බා වි කිලෝවක සහතික මිල රුපියල් 140ක් වන අතර මෙම සහතික මිල කිරි සම්බා වගා කිරිම සදහා ගොවින් දිරිමත් කිරිමට ප්‍රමාණවත් නොවන බව මුදල් පිළිබද කාරක සභාව විසින් තින්දුකොට ඇත.
දේශිය වෙළදපොළ තුල පවතින කිරි සම්බා හිගය අවම කිරිම සදහා අපේක්ෂිත මුළු ආනයන සහල් අවශ්‍යතාවය මෙට්‍රික්ටොන් 150,000කි. කිරි සම්බා සහල් සදහා ආදේශක සහල් වර්ග ලෙස පොන්නි සම්බා, ඇතුළු ආදේශක සහල් මෙට්‍රික්ටොන් 136,000ක් මැයි මස තුන්වන සතිය වනවිට මෙරටට ආනයනය කොට තිබුණි.
එක් ආනයනකරුවෙකුට කිරි සම්බා මෙට්‍රික්ටොන් 1040 දක්වා ආනයනය කිරිම සදහා අවසර ලබාදි ඇති අතර සියලුම තොග මෙම මස 31 වැනිදින හෝ ඊට පෙර වරායෙන් නිදහස්කරගතයුතුය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

