කීරි සම්බා වල මිල සංශෝධනය කරන බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේදී අද(13දා) අදහස් පල කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
“කීරි සම්බා මිල ගැන කතා කරමින් ඉන්නවා කෘෂිකර්ම අමාත්‍යාංශය. ලබන 25 වැනිදා සාකච්ඡාවක් දාගෙන තියෙනවා කෘෂිකර්ම ඇමතිතුමා සමග. කීරි සම්බා මිල සංශෝධනය කළ යුතුයි. කීරි සම්බා රු.260 විකුණන නිසා ගොවියන්ගේ පැත්තෙන් වී වලට සාධාරණ මිලක් දෙන්න කියලා ඉල්ලලා තියෙනවා. ”