මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සඳහා වූ පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබූයේ කිසිවෙකුගේ බලපෑමට නොවන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් සංවිධානය කරනු ලැබූ විධායක ජනාධිපති ක්‍රමය හා මැතිවරණ ප්‍රතිසංස්කරණ සඳහා වූ විද්වත් සංවාදය යන මැයෙන් ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් 2023.10.16 වන දින පස්වරුවේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැති අවස්ථාවේදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
එක් පුද්ගලයකු වටා ගොඩනැගුණු පාලන ක්‍රමයක් වෙනුවට ජනතා පරමාධිපත්‍යට ගරු කරන පාලන ක්‍රමයක් සකස් කිරීමේ ඇති වැදගත්කම පිළිබඳව මෙහිදී සංවාදයට ලක්විය. මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සඳහා වූ පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබූයේ කිසිවෙකුගේ බලපෑමට නොවන බවත් ජනතාවගේ අවශ්‍යතාවයන් වඩා ධනාත්මක මට්ටමකින් ලගා කරගැනීමට බවත් මෙහිදී අදහස් පළ කළ අධිකරණ අමාත්‍යවරයා සඳහන් කලේය.
වර්තමාන ජනාධිපතිවරයා ධූරයට පත්වීමෙන් පසු තමා අධිකරණ අමාත්‍යවරයා ලෙස වැඩභාරගෙන දිනක් ඇතුලත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධනයන් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කල බවත්, මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත ඉදිරිපත් කර එම පනත සම්මත කිරීමටද කටයුතු කිරීම ජනතාව ලබාගත් විශාල ජයග්‍රණයක් බවත්, අමාත්‍යතුමා සදහන් කළේය.
එමෙන්ම මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ සමඟ ලබන මස මුල් සතියේදී සාකච්ඡා කිරීමට නියමිත බවත් එවැනි ව්‍යවස්ථාමය වෙනස්කම් කිරීමේදී සහභාගීත්ව ප්රජාතන්ත්රවාදයට ඉඩ විවර කිරීමට ආණ්ඩුව සූදානම් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
මිලියන පන්සියයක් හයසියයක් වියදම් කරන ඇතැම් ව්‍යාපාරිකයන් සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය මෙරටට ගෙන්වන පුද්ගලයින් ඡන්දය සඳහා ඉදිරිපත් වී බලය ලබාගැනීමේ ක්‍රමවේදය 1989 වසරේදී පමණ සිට ක්‍රියාත්මක වන බවත් එසේ බලය ලබාගන්නා පුද්ගලයන් යටි අරමුණු සහිතව ක්‍රියාත්මක වන බවත් හෙතෙම පැවසීය.
2005 වසරේ සිට 2022 දක්වා කාලය තුළ අපේ රටේ මුදල් ඇමරිකන් ඩොලර් බිලියන පනස් හයක් පමණ ප්‍රමාණයක් විදේශයන්හි සඟවා තිබෙනවා එම මුදල් මෙරටින් පිටවීම නිසා අපේ රට මේවන විට බරපතල ව්‍යවසනකාරී තත්වයට සෘජුවම හේතුවී තිබෙනවා එවැනි කටයුතු අවම කිරීමට දූෂණ විරෝධී පනත වැනි පනත් සම්මත කිරීම තුළින් වඩා සාර්ථක ප්‍රතිඵල අත්කරගත හැකි බවත් දූෂණ විරෝධි පනත නිසියාකාරව ක්‍රියාත්මක කරන්නේ නම් එය ආසියාවේ හොදම දූෂණ විරෝධී පනත බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
“අරගලේ කියල එකක් තිබුණා අරගලේ කරන්න තිබුණෙ මීට කලින් මම කොප් කටිටු වලදි හොරකම් කරපුව පෙන්නල දීපු වෙලාවේ කෝ කවුරුත් ඒ වෙලාවෙ අරගල කරේ නෑ ඇයි ඒ තමන්ට ඒක දැනුනෙ නැති හින්ද, අරගලේ කියල ඔක්තොම කරේ බොරුව තම තමන්ගේ බඩට වැදුනට පස්සෙයි හැමෝටම අරගල කරන්න මතක් උනේ, 225කට විතරක් රට භාරදීලි බලන් ඉන්නෙ නැතුව ජනතාවට වගකීමක් තියනවා ඒ ගැන සොයා බලන්න” ලෙසද අමාත්‍යවරයා සඳහන් කලේය.