අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට කොළඹ ලංකා හොස්පිටල්හි මහාචාර්ය, වෛද්‍ය රනිල් ජයවර්ධන ප්‍රතිකාර ලබාදීම ප්‍රතික්ෂේප කිරීමට අදාළ රෝහලේ කිසිම වෛද්‍යවරයෙකුගේ සේවය අත්හිටුවා නොමැති බව එම රෝහල නිවේදනයක් නිකුත් කරමින් පවසයි. කිසියම් රෝගියෙකුට ප්‍රතිකාර කිරිම හෝ නොකිරීම එම වෛද්‍යවරයා හෝ වෛද්‍යවරියගේ කැමත්ත මත සිදුවන බවට එම රෝහල පවසයි.
" ශ්‍රී ලංකාවේ තෘතීය සත්කාරක රෝහලක් ලෙස ලංකා රෝහල රැකවරණය සහ උපදේශනය අවශ්‍ය රෝගීන් වෙත ඒ සඳහා පහසුකම් සහ සේවා සපයනු ලබයි. වෛද්‍යවරයකුට ඔහුගේ හෝ ඇයගේ කැමැත්ත මත රෝගියකු පරික්ෂා කිරීම ප්‍රතික්ෂේප කළ හැක.
වෛද්‍යවරයකු රෝගියකු පරික්ෂා කිරීම ප්‍රතික්ෂේප කළහොත් ඉන් පසුව අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය රෝහල විසින් නිසියාකාරව අනුගමනය කරනු ලබයි.මෙම සිදුවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය චෝදනා කරන පරිදි රෝහලේ කිසිම වෛද්‍යවරයකුගේ සේවය අත් හිටුවා නැත.
අප රෝහලේ ප්‍රතිකාර ගැනීමට පැමිණෙන රෝගීන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සහ පුද්ගලිකත්වය පිළිබඳ වගකීම අප බාරගන්නා බවට මහ ජනතාවට සහතික වන්නෙමු.සෑම අවස්ථාවකම රෝගීන්ගේ පුද්ගලිකත්වයට ගරු කරන ලෙස අපි මහජනතාවගෙන් ඉල්ලා සිටින්නෙමු".