කිසිඳු දේශපාලඥයෙක් හෝ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ඉන්දියාවට පළාගොස් නොමැති බව ශ්‍රි ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය කියයි.
සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශයක කරමින් එම කාර්යාලය පවසන්නේ මෙම වාර්තා අසත්‍ය මෙන්ම අතිශයින්ම සාවද්‍ය ප්‍රකාශ බවයි.
"ඇතැම් දේශපාලනඥයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ඉන්දියාවට පලා ගොස් ඇති බවට ඇතැම් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය තුළ වාර්තා වන ප්‍රචාරයන් මහ කොමසාරිස් කාර්යාලයේ අවධානයට ලක්ව ඇත. මෙම වාර්තා අසත්‍ය සහ අතිශයින්ම සාවද්‍ය වන අතර සම්පූර්ණයෙන්ම පදනම් විරහිත වේ"