දේශීය මුං ඇට අස්වැන්න ලැබී මාස ගණනාවක් තිස්සේ නිසි මිලකට විකුණා ගැනීමට නොහැකි වීම නිසා මුං ගොවීන් දැඩි අසීරුතාවයකට පත් සිටි. මේ වනවිටත් පසුගිය කන්නේ මුං ඇට ඇස්වන්න නිවෙස්වල තබාගන දෙවැනි කන්නේ ද අස්වැන්න ලැබීමට ආසන්නව තිබෙන බවත් පෙන්වා දෙන ගොවීන් විදේශීය රටවලින් මුං ඇට ගෙන්වීම නිසා මෙම බරපතල තත්ත්වයට මුංගොවින් පත්ව ඇති බව මාතලේ විල්ගමුව ප්‍රදේශයේ ගොවීන් චෝදනා කරති
මාතලේ විල්ගමුව ප්‍රදේශයේ බහුලව ගොවීන් දේශීය මුං ඇට, කවුපි, උඳු ,තල ආදී ධාන්‍ය ව ර් ග වගා කරති. ගොවින් සඳහන් කරන්නේ මේ වන විට විදේශීය රටවලින් ගෙන්වන ලද මුං ඇට විශාල වශයෙන් වෙළඳපොලේ පැවතීම නිසා තමන් දේශීය නිෂ්පාදනය කරන ලද මුං ඇට කිලෝවක් රුපියල් හාරසියක මිලකටවත් අලෙවි කර ගැනීමට නොහැකි බවය
ඒ අනුව තම නිෂ්පාදන නිවෙස් වල ගොඩ ගසාගෙන ඇත්තේ පසුගිය වසරේ දහවැනි මාසයේ සිට බවද ඔවුන් කියති . කිසිදු පාලන සමයක මුං ඇට අලෙවි කර ගැනීමට නොහැකිව ගොවීන් අපහසුතාවයකට පත්වන්නට නොවූ වත් සෑම වසරකම රුපියල් දහසක පහළ මිලයකට මුං ඇට අලෙවි වූ බවත් ඔවුහු පෙන්වා දෙති
කෙසේ වෙතත් මෙවර විදේශ රටවලින් ගෙන්වීම සඳහා අවසරය ලබාදීම නිසා කොළඹ වෙළඳපළේ විශාල වශයෙන් මුං ඇට ගෙන්වා ගබඩා කර ඇතැයි ද මුංගොවීන් පෙන්වා දෙති.
කෘෂිකර්ම්ම හෝ කිසිදු බලධාරියෙකු මේ පිළිබඳව අවධානයක් යොමු නොකිරීම බරපතල ප්‍රශ්නයක් බවත් මුං ඇට වගා කිරීම සඳහා විශාල මහන්සියක් ගොවීන්ට දැරීමට සිදුවන බවද ඔවුහු පෙන්වා දෙති . මුං ඇට බීජය බිමට දැමූ දවසේ සිට විශාල මිනිස් ශ්‍රම ප්‍රමාණයක් කිසිදු යන්ත්‍ර සූත්‍ර නොමැතිව අතින් කරල් කඩා වියලා ඒවා පියලි කොට ඇට ලබාගෙන එම ඇටද වියලා ඉතා මහන්සියෙන් මෙම නිෂ්පාදනය කරන බව ඔවුහු පෙන්වා දෙති.
අවම වශයෙන් මුං ඇට කිලෝ එකක් සඳහා ගොවියෙකුට රුපියල් අටසියක මුදලක්වත් ලැබිය යුතු බවත් එසේ නොවන්නේ නම් ගොවීන්ට විශාල පාඩුවක් බව මුං ගොවීන් පෙන්වා දෙති
මුං ඇට මෙන්ම අනෙකුත් ධාන්‍ය වර්ග එනම් කව්පි ,උදු කිලෝ වක මිල ද රුපියල් 150ක් දෙසීයක් අතර මිලක් දක්වා පහත වැටීම ඇති බව ද ඔවුහු පෙන්වා දෙති
මෙම මුං ඇට සඳහා සාධාරණ මිලක් ලබාදීමට රජය වහා පියවර ගත යුතු යැයි ඔවුහු පෙන්වා දෙති. විශේෂයෙන් කෘෂිකර්ම අමාත්‍යවරුන් පෙරදා දේශීය ගොවින් ආරක්ෂා කිරීම සඳහා විශාල හඬක් රැගෙන ගියද එම අය බලයට පත් වූ වහාම ධාන්‍ය ගොවීන්ට මෙවැනි කලක් උදාකරවීම පිළිබඳව ගොවීන් දැඩි කනස්සල්ල පළ කරන බවද ඔවුහු පෙන්වා දෙති
විල්ගමුව කලාපයට පමණක් නොව ලංකාවේ ඌව පළාතේ දීස්ත්රික්කවල මෙම වගාවන් පවතින බවත් එම ගොවීන්ටත් සිදුව ඇත්තේ මෙම විනාශයම බව පෙන්වා දෙන ඔවුන් වහාම ශිත කාමරවල සිටින නිලධාරීන් වගා බිමකට පැමිණෙ තමන් සිදුකරන මහන්සිය වෙහෙස දැක බලා ගන්නයිද මුංගොවීන් ඉල්ලා සිටිති.




