මාර්ග අංක 120 කැස්බෑව පිටකොටුව බස්රථ අද (3දා) අලුයම සිට ධාවනයෙන් වැළකී වර්ජනයේ නිරතවිය.
කිව් ආර් ක්රමවේදය ඔස්සේ බස්රථයකට ලබා දෙන ඩීසල් ඉන්ධන ලීටර් හතලිහ සතියකට තබා දිනකට වත් ප්රමාණවත් නොවන බව පවසමින් ඔවුන් වර්ජනයේ නියැලුණහ.
තමන්ට ගමන් වාර තුනක් පිටකොටුවට යාමට සහ නැවත පැමිණීමට දිනකට ඩීසල් ලීටර 60 ක් පමණ වැයවන බව ඔවුන් පැවසීය.
කැස්බෑව පිටකොටුව පෞද්ගලික බස් රථ හැටක් පමණ ධාවනය වන අතර වර්ජනයට සහාය දක්වමින් කිසිදු බස් රථයක් ධාවනය නොවිණි. මෙම වර්ජනය හේතුවෙන් රැකී රක්ෂා වලට යන මගින් දැඩි පීඩාවට පත්වුණි.
තමන්ට ලබා දෙන ඉන්ධන කෝටාව අවම වශයෙන් ලීටර් සීයක්වත් වැඩි කරන ලෙස ඔහුන් ඉල්ලා සිටින අතර එය දින 2 කට පමණක් ප්රමාණවත් වන බවයි ඔවුන් පවසන්නේ.
මෙම වර්ජනය හේතුවෙන් පිලියන්දල ප්රධාන බස් නැවතුම්පොලේ සිට හා කැස්බෑව හංදියේ සිට පිටකොටුව කරා යන මගීන් බස්රථ නොමැතිව දැඩි අපහසුතාවයට පත්වී දිගු පෝලිම් දක්නට ලැබුණි.

