වාර්ෂික බස් ගාස්තු සංශෝධනය අනුව සාමාන්‍ය සේවා හා සුඛෝපභෝගි සේවා ලෙසත් කිලෝමීටර් 100ට හා 100ට වැඩි ලෙසත් බස් ගාස්තු වැඩි කිරීමට නියමිතය.ඒ් අනුව අවම බස් ගාස්තුව රුපියල් 30 සිට 34 දක්වා ඉහළ යනු ඇත.
සාමාන්‍ය සේවා කාණ්ඩය යටතේ කිලෝමීටර් 100ට අඩු කෙටි ගමන් සේවා බස් ගාස්තු සියයට 12කින් ඉහළ දැමීමට නියමිතය.කිලෝමීටර් 100ට වැඩි දුර ගමන් සේවා බස් වෙනුවෙන් බස් ගාස්තුව සියයට 20කින් ඉහළ යනු ඇත.
ඒසේම සුඛෝපභෝගී සේවා කාණ්ඩයේ කිලෝමීටර් 100ට අඩු කෙටි ගමන් සේවා බස් ගාස්තු සියයට 12කින් ඉහළ දැමීමට නියමිතය. කිලෝමීටර් 100ට වැඩි දුර ගමන් සේවා බස් වෙනුවෙන් බස් ගාස්තුව සියයට 15කින් ඉහළ යනු ඇත. මෙම බස් ගාස්තු ඉහළ නැංවීම මේ මස 6 වැනිදා සිට ක්‍රියාත්මක වෙයි.