නාවික හමුදාව කල්පිටිය කලපුවේ අරිච්චල් මුහුදු ප්රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධි ලෙස රත්රං කිලෝ 4.454 සූක්ෂම ලෙස සඟවා ප්රවාහනය කිරීමට උත්සාහ කළ ඩිංගි යාත්රාවක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (01දා) නාවික හමුදා භාරයට ගැනීමට ගැණින.
වයඹ නාවික විධානයට ලද තොරතුරකට අනුව, නාවික නෞකා විජය ආයතනය මඟින් කල්පිටිය කලපුවේ කළ සෝදිසි මෙහෙයුමේදි, සැකකටයුතු ඩිංගි යාත්රාවක් පරික්ෂාවට ලක් කෙරිණි. එහිදි, එම ඩිංගි යාත්රාවේ ධීවර දැලක අමුණා තිබූ සැකකටයුතු ඊයම් බරු දහතුනක් නිරීක්ෂණය කර, සිදුකළ වැඩිදුර පරීක්ෂාවේදී, ඊයම් බරු ලෙස සූක්ෂම ලෙස සකස් කර සඟවා, නීති විරෝධි ලෙස ප්රවාහනය කිරීමට උත්සහ කල රත්රං තොගය සමඟ සැකකරුවන් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
සැකකරුවන්, රත්රං තොගය සහ ඩිංගි යාත්රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට කටයුතු කෙරිණි.